සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් මේ වන විට සිය නායකයා බරපතල අක්ෂි රෝගී තත්වයකින් පෙලෙන බවට වර්තමාන පකිස්තාන රජයට දැනුම් දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ සඳහා ඉක්මන් ප්‍රතිකාර වලට ඔහුව යොමු නොකළහොත් ඔහුගේ පෙනීම සදාකාලිකවම නොමැති වීමේ අවදානමක් නිර්මාණය වී ඇත. කෙසේ මනුත් මේ පිළිබඳව පකිස්තානු රජය මේ දක්වාම කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොතිබීමද විශේෂත්වයක් බවට පත්ව තිබේ.
73 හැවිරිදි ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර ඇති අතර රාවල්පින්ඩි හි අදියාලා බන්ධනාගාරයේ දැනට සිර දඬුවම් විඳිමින් සිටියි.
සමාජ මාධ්‍යවල පළ කරන ලද ප්‍රකාශයක, විශ්වාසදායක මාධ්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින් පී ටී අයි පක්ෂය පවසා ඇත්තේ, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දකුණු ඇසේ දෘෂ්ටි විතානයේ නහර අවහිර වීමක් ඇතැයි හඳුනාගෙන ඇති බවයි.
එය දෘෂ්ටි විතානයේ භයානක අවහිරතාවයක් ඇති කරන තත්වයක් බව ද ඔවුන් පෙන්වා දී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
Lanka Newsweek © 2026